Monday, March 10, 2025

General line - 0115112241

මුලතිව්, වෙරළ තීරයේ තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගැනේ

මාධව කුලසූරිය



මුලතිව්, වෙරළ තීරයට ගොඩගසා තිබු පුපුරණ ද්‍රව්‍ය තොගයක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

ධීවරයන් පිරිසක් විසින් ලබාදුන් තොරතුරක් මත එම පුපුරන ද්‍රව්‍ය තොගය සොයාගත් බවයි පොලිසිය පැවසුවේ. 

කිසියම් හඳුනානොගත් ඇසුරුමක එම පුපුරන ද්‍රව්‍ය තොගය තිබූ බවද පොලිසිය පැවසුවා. කිලෝග්‍රෑම් 14 යි ග්‍රෑම් 700 ක් බරැති පුපුරණ ද්‍රව්‍ය එහි තිබී සොයාගෙන තිබෙනවා.

මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ අදාළ පුපුරණ ද්‍රව්‍ය තොගය පොලිස් විශේෂ කාර්ය බලකා බෝම්බ නිෂ්ක්‍රීය අංශය විසින් නිෂ්ක්‍රීය කිරීමට නියමිතයි. 

යුධ සමයේ කිසියම් පිරිසක් විසින් එම පුපුරණ ද්‍රව්‍ය තොගය වලදමා තිබියදී පසුගියදා පැවති අධික වර්ෂාවත් සමඟ එය පොළොවෙන් මතුවි වෙරළට ගොඩගසන්නට ඇති බවටයි ආරක්ෂක අංශ සැක පළ කරන්නේ. 

සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් පොලිසිය මඟින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.