Wednesday, April 30, 2025

General line - 0115112241

නත්තල සහ අලුත් අවුරුදු උදාවට සමගාමීව විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් විගමණික ශ්‍රමික පොලක්



නත්තල හා අලු‍ත් අවුරුදු උදාවට සමගාමීව සහ ජාත්‍යන්තර සංක්‍රමණික දිනය නිමිත්තෙන් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් සංවිධානය කළ “විගමණික ශ්‍රමික පොල” අද ආරම්භ වුණා. 

බත්තරමුල්ල, ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ රථ ගාලේදී එය පැවැත් වෙනවා. 

විගමණික ශ්‍රමිකයින්ගේ නිෂ්පාදන අඩංගු එම “විගමණික ශ්‍රමික පොල” හෙට දිනයේත් ක්‍රියාත්මක බවයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පැවසුවේ.