අදානි සමාගමේ මෙරට බලශක්ති ව්‍යාපෘති පිළිබඳ සළකා බැලීමට කමිටුවක් පත් කිරීම සඳහා වූ යෝජනාවක් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
එම යෝජනාව අද පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීම සඳහා ඉදිරිපත් කිරීමට නියමිත බවයි බලශක්ති අමාත්‍යංශයේ ජ්‍යේෂ්ඨ ප්‍රකාශකයෙක් නෙත් නිවුස් කළ විමසීමකදී සඳහන් කළේ.
ඒ අනුව අදානි සමාගම මන්නාරම හා පුනරින් ප්‍රදේශවල ඉදි කිරීමට යෝජිත සුළං විදුලි ව්‍යාපෘතිවලට අදාළව එම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
අදාළ සුළං විදුලි ව්‍යාපෘති මගින් ජනනය කරන විදුලි ඒකකයක් සඳහා අමෙරිකානු ඩොලර් ශත 8යි 26කට ආසන්න මුදලක් ගෙවීමට පසුගිය රජයේ අමාත්‍ය මණ්ඩලය එකඟ වී තිබුණා.