Tuesday, March 4, 2025

General line - 0115112241

කැනඩා අගමැති සිය පක්ෂ නායකත්වය අත්හරී



කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ එරට පාලක පක්ෂය වන ලිබරල් පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස් වී තිබෙනවා. 

ඒ අනුව කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ මෙම සතිය තුළ විශ්‍රාම යනු ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා අනාවරණ කරන්නේ. 

ඔටාවා අගනුවර පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ පවසා ඇත්තේ ලිබරල් පක්ෂය නව නායකයෙකු තෝරා ගන්නා තෙක් තමා අගමැති ධූරයේ රැඳී සිටින බවයි. 

එළඹෙන මහ මැතිවරණයේදී සැබෑ තේරීමකට රට සුදුසු බවත් ඒ අනුව මාර්තු 24 වනදා දක්වා පාර්ලිමේන්තුව කල් තබන බවත් කැනඩා අග්‍රාමාත්‍යවරයා මාධ්‍ය හමුවේ පවසා තිබෙනවා.    

සිය පක්ෂ අභ්‍යන්තරයේ හටගත් අර්බුද සහ එල්ල වන පීඩනය හමුවේ කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ මෙම තීරණයට එළඹ ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.