Wednesday, April 23, 2025

General line - 0115112241

පැහැර හැරි වැට් බද්ද ඇලෝසියස්ගෙන් අයකර ගත්තා ද? - සිව්වෙනි මානයේදී සංවාද



වැට් බදු ගෙවීම පැහැර හැරීමට අදාළව චෝදනා එල්ල වූ මෙන්ඩිස් ඩිස්ටිලරිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස්ගෙන් ඊට අදාළ රුපියල් බිලියන තුන හමාරක මුදල මේ වන විට අයකර ගත්තේ දැයි නෙත් නිවුස් සිව්වෙනි මානය වැඩසටහනේදී ප්‍රශ්න කෙරුණා. 

එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා ඒ සම්බන්ධයෙන් යොමු කළ ප්‍රශ්න කිහිපයකට ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අරුණ පනාගොඩ මහතා එහිදී ප්‍රතිචාර දැක්වූවා.


නෙත් නිවුස් සිව්වෙනි මානය මෙම සම්පූර්ණ වැඩසටහන නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.