ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඉල්ලීම මත සාමාන්‍ය පොදු ජනතාව වෙනුවෙන් පැවැත්වෙන විශේෂ දළදා දැක්ම අප්‍රේල් මස 18 වනදා සිට 27 වනදා දක්වා පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව අප්‍රේල් මස 18 වනදා සවස 03.00 සිට සවස 05.30 දක්වාත් 19 වනදා සිට 27 වනදා දක්වා දහවල් 12.00 සිට සවස 05.30 දක්වාත් දළදා දැක්ම පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.
ඒ පිළිබඳ මූලික සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද මහනුවර ජනාධිපති මන්දිරයේදී පැවැත් වුණා. මේ, ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා.
වසර 16කට පසුව රටේ බෞද්ධ ජනතාවට එම අවස්ථාව ලබාදීම පිළිබඳ මහානායක හිමිවරුන්ට ස්තූතිය පළ කරමින් ජනාධිපතිවරයා කියා සිටියේ තම ජීවිත කාලයේ කවදා හෝ දිනක දළදා වහන්සේ වැඳ පුදාගත යුතුය යන්න මෙරට බෞද්ධ ජනතාවගේ අපේක්ෂාව වන බවයි.
මේ අතර දළදා වහන්සේ ප්‍රදර්ශනය සිදු කෙරෙන කාලවකවානුව තුළ මහනුවර ප්‍රදේශයේ පාසල් සඳහා නිවාඩු ලබාදීමටත් ඒ සඳහා දරුවන්ගේ අධ්‍යාපනයට වෙනත් දිනයන්හි පාසල් පැවැත්වීමටත් එහිදී යෝජනා වී තිබෙනවා.
එමෙන්ම දළදා වහන්සේ වන්දනා කිරීමට පැමිණෙන බැතිමතුන්ට ආහාර ලබාදීම වෙනුවෙන් දන්සල් පැවැත්වීමට කැමැති පිංවතුන්ට ලියාපදිංචි වීම සඳහා අවස්ථාව ලබාදීමට ද එහිදී සාකච්ඡා වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.