Wednesday, April 2, 2025

General line - 0115112241

වැටුප් කප්පාදුවට විසඳුම් නොලැබුණහොත් සෞඛ්‍ය වෘත්තීයවේදීන් 06 වනදා වර්ජන සූදානමක



සෞඛ්‍ය වෘත්තිවේදීන්ගේ දීමනා කප්පාදුව සම්බන්ධයෙන් අද දිනයේ සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් විසඳුමක් ලබානොදුනහොත් ලබන 06 වනදා පෙරවරු 08.00 සිට සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කරන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය පවසනවා.

ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ එම සම්මේලනයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා.

සිය ගැටළුවලට විසඳුම් නොලැබුණහොත් ඉදිරියේදී අඛණ්ඩ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට සිදුවන බවද සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා වැඩිදුරටත් සඳහන් කළා.