Monday, March 3, 2025

General line - 0115112241

පින්නවල අලි ඇතුන්ගෙන් දම්වැල් ගැලවෙයි



පින්නවල අලි අනාථාගාරයේ රඳවා සිටින අලි ඇතුන් සඳහා දම්වැල් භාවිතය නතර කිරීමට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව තීරණය කර  තිබෙනවා.

ඒ අනුව එම අලි ඇතුන්ට හිරිහැරයකින් තොරව කාලය ගත කිරීමට අලි අරණක් ඉදිකෙරෙන බවයි එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්දන රාජපක්ෂ මහතා නෙත් නිවුස් වෙත කියා සිටියේ.

වනාන්තරවලදී සිය රංචුවෙන් අතරමන් වූ සහ අනතුරුවලට ලක් වූ විවිධ වයස් කාණ්ඩවලට අයත් අලි ඇතුන් 69 දෙනෙකු මේ වන විට පින්නවල අලි අනාථාගාරයේ රඳවා සිටිනවා.