Monday, March 3, 2025

General line - 0115112241

පුංචි ඡන්දයට නාම යෝජනා කැඳවීමේ දින ප්‍රකාශයට පත් කෙරේ



2025 පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා කැඳවීමේ දින මැතිවරණ කොමිෂන් සභාව විසින් අද ප්‍රකාශයට පත් කළා.

ඒ අනුව මාර්තු මස 17 වනදා සිට මාර්තු 20 වන දින දහවල් 12 දක්වා පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීම සිදු කෙරෙන බවයි

මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ.

ඒ අනුව ඡන්ද විමසීම සඳහා ඇප මුදල් තැන්පත් භාර ගැනීම අද සිට මාර්තු 19 වනදා මධ්‍යහන 12.00 දක්වා පෝය දිනය, සෙනසුරාදා හා ඉරිදා දිනවල හැර සිදු කෙරෙන බවද මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා. 

පළාත් පාලන ආයතන 336ක ඡන්ද විමසීම සඳහා එලෙස නාමයෝජනා භාර ගැනීමට නියමිතයි.

මහනගර සභා 28ක් නගරසභා 36ක් සහ ප්‍රාදේශීය සභා 272ක් ඒ අතරට අයත්.

LAE 2025 01 S by nethsound on Scribd