අයවැය තුන්වනවර කියවීම හෙවත් කාරක සභා අවස්ථා විවාදයේ සිව්වන දිනය අදයි.
බලශක්ති අමාත්‍යංශයට අයත් වැය ශීර්ෂය අද දිනයේදී විවාදයට ගැනෙනවා.
එම විවාදය ආරම්භ කරමින් පළමුව අදහස් දැක්වූයේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ අජිත් පී පෙරේරා මහතායි.
බලශක්ති ක්ෂේත්‍රය සම්බන්ධයෙන් විදුලිබල අමාත්‍යංශය සහ මුදල් අමාත්‍යංශය පරස්පර මත දරන බවත් එය රටට අහිතකර තත්ත්වයක් බවත් මන්ත්‍රීවරයා එහිදී ප්‍රකාශ කළා.
මෙරට ජාතික විදුලි පද්ධතියේ පවතින දුර්වලතා අනාවරණ වූයේ ඉකුත්දා සිදු වූ විදුලි බිඳ වැටීම සමඟ බවද මන්ත්‍රීවරයා එහිදී කියා සිටියා.