මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට භාරවූ වැලිගම පොලීසියේ වැඩබලන ස්ථානාධිපතිවරයාව ඇප මත මුදාහැර තිබෙනවා. ඔහුව රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප 02ක් මත මුදාහැරීමටයි අධිකරණය එහිදී නියෝග කළේ. වැලිගම පැලෑන ප්‍රදේශයේ හෝටලයක සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වැලිගම පොලීසියේ වැඩබලන ස්ථානාධිපතිවරයා අද දහවල් අධිකරණයට භාරවී තිබුණා.
සැකකාර වැලිගම පොලීසියේ වැඩබලන ස්ථානාධිපතිවරයාගේ විදෙස් ගමන් ද ඉකුත්දා තහනම් කළා.
මේ අතර අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ද මාධ්‍යවේදීන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගෙන් ප්‍රශ්න කළා.
මෙම ගැටළුව සමඟ මතු වූ රටේ ප්‍රභූ ආරක්ෂාව සම්බන්ධයෙන් ද මාධ්‍යවේදීන් මෙහිදී අමාත්‍යවරයාගෙන් යළි ප්‍රශ්න කළා.
එවකට වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු නිලධාරීන් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි මාතර මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ ඉකුත් 28 වනදායි.