Sunday, March 9, 2025

General line - 0115112241

2030 වසරේදී ලෝක පාපන්දු සම්මේලනයෙන් රටවල් 64කට ලැබෙන වරම  



රටවල් 64කට ලෝක කුසලාන වරම් හිමිකරදීමට ලෝක පාපන්දු සම්මේලනය තීරණය කර තිබෙනවා 

ඒ 2030 වසරේ පැවැත්වෙන තරගාවලියේදී වසර 100ක් සම්පූර්ණන වීම හේතුවෙන් 

පාපන්දු ලෝක කුසලානය පළමුවෙන්ම උරුගුවේ රාජ්‍යයේ සත්කාරකත්වය යටතේ පළමුවෙන්ම 1930 වසරේදී ආරම්භ විය 

2030 වසරේදි පැවැත්වීමට නියමිත පාපන්දු ලෝක කුසලානය මොරොක්කෝව, ස්පාඤ්ඤය හා පෘතුගාලයේ සමසත්කාරකත්වය යටතේ පැවැත්වීමට නියමිතයි 

එසේම පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ මහාද්වීප දෙකකින් රටවල් තුනක් සත්කාරකත්වය දක්වන පළමු අවස්ථාව මෙය වීම ද විශේෂත්වයක්.

මේ අතර, 2026 පාපන්දු ලෝක කුසලානය අමෙරිකාව, මෙක්සිකෝව සහ කැනඩාව යන රටවල සමසත්කාරකත්වයෙන් පැවැත්වෙන අතර, එම තරගාවලියේදීද ක්‍රීඩාකරන කණ්ඩායම් සංඛ්‍යාව 32 සිට 48 දක්වා ඉහළ දමා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.