Monday, March 10, 2025

General line - 0115112241

පුංචි ඡන්දයට ජාතික ජන බලවේගය වැඩ අරඹයි

නිහාල්සිරි ගම්ලත්



මෙවර පළාත් පාලන මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වන අපේක්ෂක අපේක්ෂිකාවන් මේ වන විටත් සූදානම් කර අවසන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා පවසනවා.

ඒ සඳහා අවශ්‍ය කටයුතු මේ වන විටත් අවසන් කර ඇති බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවේ.


ඉදිරි පළාත් පාලන මැතිවරණයෙන් වැඩක් කළ හැකි පිරිසක් තෝරාපත් කරගත යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා. හෝමාගම ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.