අත්අඩංගුවේ පසු වූ දකුණු කොරියාවේ හිටපු ජනාධිපති යූන් සුක් යෙයෝල් නිදහස් කර තිබෙනවා.
ඒ හිටපු ජනාධිපතිවරයාව අත්අඩංගුවට ගැනීමට නිකුත් කර තිබූ වරෙන්තුවක් අධිකරණය අවලංගු කිරීමෙන් දිනකට පසුවයි.
කෙසේ නමුත් ඔහුට එරෙහි නඩුව තවදුරටත් ක්‍රියාත්මක බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ
පසුගිය වසරේ දෙසැම්බර් තුන්වනදා යුද නීතිය පැනවීමට ගත් අසාර්ථක උත්සාහය හමුවේ දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල්ට රට තුළ දැඩි අප්‍රසාදයකට ලක් විය.
මෙම අත්තනෝමතික තීන්දුව පැය කිහිපයක් තුළ හකුලාගැනීමට, ඔහුට සිදුවූ අතර ඔහුට එරෙහිව විමර්ශනයක් ද ඒ සමඟම ආරම්භ වු අතර රටට එරෙහිව කුමන්ත්‍රණය කළ බවට ජනාධිපතිවරයාට චෝදනා එල්ල විය.
පසුව ඔහුව ධුරයෙන් ඉවත් කර ජනවාරි 15වනදා අත්අඩංගුවට ගැනුණා.
එහිදී බලහත්කාරයෙන් ජනාධිපති මන්දිරයට පිවිස ඔහු අත්අඩංගුවට ගැනීමට පොලීසියට සිදුවුණි.
එලෙස අත්අඩංගුවට ගැනීම නීති විරෝධී බව නම් කරන ලෙස ඔහුගේ නීතීඥයින් අධිකරණයෙන් ඉල්ලා සිටි අතර එහි තීන්දුව මෙලෙස ප්‍රකාශයට පත් කෙරුණා.
කෙසේ වුවද යූන් සුක් යෙයෝල් ජනාධිපති ධුරයේ කටයුතු කිරීම තවමත් අත්හිටුවා ඇති අතර ඔහුව නිදහස් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ තමා අධිකරණයට ස්තූතිවන්ත වන බවයි.