Monday, March 10, 2025

General line - 0115112241

ඉන්දියාවට ලකුණු 252ක ඉලක්කයක්



ඉන්දියාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන 2025 ශූරයින්ගේ කුසලාන අවසන් මහා තරඟය ඩුබායි අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී මේ වන විට පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. ඒ අනුව නවසීලන්තය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 07ක් දැවී ලකුණු 251ක් රැස් කිරීමට සමත් වුණා.

නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් රචින් රවීන්ද්‍ර ලකුණු 37ක්, ඩැරල් මිචෙල් ලකුණු 63ක්, ග්ලෙන් ෆිලිප්ස් ලකුණු 34ක් සහ මයිකල් බ්‍රේස්වෙල් නොදැවී ලකුණු 53ක් ලබා ගත්තා. නායක මිචෙල් සැන්ටනර්ට ලබාගත හැකි වූයේ ලකුණු 08ක් පමණයි.

පන්දු යැවීමේදී ඉන්දීය කණ්ඩායමේ වරුන් චක්‍රවර්ති සහ කුල්දීප් යාදෙව් කඩුලු 02 බැගින් දවාගත් අතර මොහොමඩ් ෂාමි සහ රවීන්ද්‍ර ජඩේජා එක් කඩුල්ල බැගින් දවා ගත්තා.

1998 වසරේ සිට ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය සංවිධානය කෙරෙන අතර මේ දක්වා අවස්ථා දෙකකදී එහි ශූරතාව හිමිකර ගැනීමට ඉන්දියාව සමත්ව තිබෙනවා.

නවසීලන්ත කණ්ඩායම ශූරයන්ගේ කුසලානයේ ජයග්‍රහණය හිමිකර ගත්තේ එක් වරක් පමණයි.