රුපියල් 25,000ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාව මත අක්මීමන ප්‍රාදේශීය සභාවේ ආදායම් පරික්‍ෂකයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, ගාල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුවයි.
ගාල්ල උණවටුන, මැටරඹ ප්‍රදේශයේ පිහිටි හෝටලයක් පවත්වාගෙන යාමට අවශ්‍ය මෙම වර්ෂ සඳහා වූ වෙළඳ බලපත්‍රය ලබා දීමේ කටයුතු සිදුකර දීම වෙනුවෙන් එම අල්ලස් මුදල ලබාගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු මෙවර පළාත් පාලන මැතිවරණයේ අපේක්‍ෂකයෙකු වශයෙන් ඉදිරිපත් වී රාජකාරී නිවාඩු ලබා සිටින අයෙකු බවද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කළා.