සුළං බල විදුලි ව්‍යාපෘතිය අදානි සමාගම විසින් අවලංගු කළහොත් එය මහා පරිමාණ පුනර්ජනනීය බලශක්ති ආයෝජකයන් ශ්‍රී ලංකාවට පැමිණීම අධෛර්මත් වීමට බලපානු ඇතැයි බලශක්ති විශ්ලේෂකයන් පවසනවා.
විදේශ ආයෝජකයෙකු පැමිණ ශ්‍රී ලංකාව තුළ විශාල ප්‍රමාණයේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියක් මෙතෙක් ක්‍රියාත්මක කර නොමැති බවයි බලශක්ති විශ්ලේෂක ආචාර්ය විදුර රළපනාව මහතා පැවසුවේ.
එවන් පසුබිමක් තුළ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජනයට මහා පරිමාණ ආයෝජකයන් ශ්‍රී ලංකාවට අවශ්‍ය බවද ඔහු පෙන්වා දුන්නා.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ බලශක්ති විශ්ලේෂක ආචාර්ය විදුර රළපනාව මහතා.
කෙසේවෙතත් සුළං බල විදුලි ව්‍යාපෘතිය අදානි සමාගම මෙතෙක් අවලංගු කර නොමැති බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පවසනවා.
ඉකුත් දා පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යංශයීය උපදේශක කාරක සභා රැස්වීමට එක්වෙමින් ඔහු එම අදහස් පළ කළා.