රුපියල් දහහත් කෝටි පනස් ලක්ෂයක් වටිනා හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් සිය ගමන් මල්ලේ සඟවාගෙන පැමිණි විදේශීය තරුණියක් රේගු නිලධාරීන් විසින් කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 20 හැවිරිදි කැනඩා ජාතික උපාධි අපේක්ෂක තරුණියක් වන අතර ඇය මෙරටට පැමිණි පළමු අවස්ථාව ද මෙය වන බවටයි අනාවරණ වී ඇත්තේ.
සැකකාර තරුණිය එම මත්ද්‍රව්‍ය තොගය රැගෙන කැනඩාවේ ටොරොන්ටෝ නුවර සිට අබුඩාබි වෙත පැමිණ, එතැන් සිට දින ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි - 396 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබෙනවා.
ඇය විසින් රැගෙන ආ ගමන් මල්ල තුළ ඇද ඇතිරිළි 03ක ඔතා, හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 17යි ග්‍රෑම් 573ක ප්‍රමාණයක් සොයාගෙන ඇති බවයි නෙත් නිවුස් ගුවන්තොටුපළ වාර්තාකරු පැවසුවේ.
සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා එම සැකකාර විදේශීය තරුණිය සහ හෂීෂ් මත්ද්‍රව්‍ය තොගය කටුනායක ගුවන්තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාරදී තිබෙනවා.