පරිභෝජනයට නුසුදුසු පොල්තෙල් ප්‍රවාහනය කරන ලද පුද්ගලයෙකු සහ සන්තකයේ තබාගෙන සිටි තවත් පුද්ගලයෙකු අරලගංවිල පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, පොලොන්නරුව කර්මාන්තපුරය ප්‍රදේශයේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පිරිසක් සමඟ එක්ව සිදුකල වැටලීමකදීයි.
එහිදී පොල්තෙල් ලීටර් 15,620ක් සහ පොල්තෙල් ප්‍රවාහනයට යොදාගන්නා ලද ලොරි රථයක් විශේෂ කාර්ය බලකාය භාරයට ගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පොලොන්නරුව මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.