Wednesday, March 12, 2025

General line - 0115112241

දේශබන්දු තෙන්නකෝන් ඉදිරිපත් කළ පෙත්සම ගැන අභියාචනාධිකරණයෙන් තීරණයක්

උදය කුමාර



පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් කර ඇති ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන 17 වනදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය අද නිවේදනය කළා.

ඒ, මාතර ප්‍රදේශයේ හෝටලයකට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් දී ඇති නියෝගය අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඔහු විසින් ඉදිරිපත් කළ පෙත්සමකට අදාළවයි.

දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.