2025 වර්ෂය සදහා වන අයවැය සංශෝධන සහිතව වැඩි ඡන්ද 114කින් සම්මත වී තිබෙනවා
අයවැය තුන්වන වර කියවීමේ ඡන්ද විමසීමේදී අයවැය ට පක්ෂව ඡන්ද 159ක් සහ විරුද්ධව ඡන්ද 45ක් හිමිවිය.
ඒ අනුව වැඩි ඡන්ද 114කින් අයවැය තෙවන වර කියවීම සම්මත විය
ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් සහ විපක්ෂයේ අසුන්ගෙන සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන් මහතා අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළා.
ඉලංගෛ තමිල් අරුසු පක්ෂයේ මන්ත්‍රීවරුන් හැර විපක්ෂය නියෝජනය කරන සෙසු පක්ෂ සියල්ලේම මන්ත්‍රීවරුන් අයවැයට විරුද්ධව ඡන්දය ලබා දුන්නා.