Wednesday, April 2, 2025

General line - 0115112241

මියන්මාරයේ  භූ කම්පනය ගැන ඇමති විජිත සොව පළකරයි 



පසුගිය සිකුරාදා මියන්මාරයේ මැන්ඩලේ හි කේන්ද්‍රස්ථානය වූ භූ කම්පනයෙන් සිදු වූ හානිය හා විනාශය සම්බන්ධයෙන් මියන්මාර රජයට සහ ජනතාවට ගැඹුරු ශෝකය ප්‍රකාශ කරන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය එච්.එම්. විජිත හේරත් මහතා පවසනවා 

ඔහු මේ බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියා.

එහිදී  විජිත හේරත් මහතා සඳහන් කර සිටියේ සිදු වූ හානිය හා විනාශය, ජීවිත හානි සහ තුවාල පිළිබඳව දැන ගැනීමට ලැබීම ගැන තමා දැඩි ශෝකයට පත්ව සිටින බවයි.

කෙටි කාලයක් තුළ මෙම ඛේදජනක තත්ත්වය ජය ගැනීමට ඔවුන්ට ශක්තිය හා ධෛර්යය ලැබෙනු ඇතැයි තමන් අවංකවම බලාපොරොත්තු වන බවද සඳහන් කර සිටියා 

 විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය එච්.එම්. විජිත හේරත් මහතා නිකුත් කල නිවේදනය පහතින්