අම්බලත්තොට, කොග්ගල්ල ප්‍රදේශයේ අද අලුයම සිදුවූ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් හඳුනාගෙන ඇති බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදු කෙරෙන බවත් පොලීසිය පවසනවා.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම වෙඩි තැබීම සිදුකර පලා ගොස් තිබුණා.
වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා ඇතුළත් කෙරුණේ හම්බන්තොට රෝහලටයි.
අද අලුයම දෙකට පමණ වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා බිරිදට වැසිකිලියට යාම සඳහා ඇය සමඟ නිවසින් පිටතට පැමිණ නිවසත් මුළුතැන් ගෙයත් අතර තිබු පුටුවක වාඩිවී සිටි අවස්ථාවේ ඒ ආසන්නයේ කැළෑබද ස්ථානයක සැඟවී සිටි වෙඩික්කරු වෙඩි ප්‍රහාරය එල්ල කර තිබෙනවා.
වෙඩික්කරු එම වෙඩිතැබීම සිදු කර පිටව යන ආකාරය නිවසේ සවිකර තිබු සී සී ටී වී කැමරාවක සටහන්ව ඇති බව නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා.
වෙඩික්කරු එම අවස්ථාවේ මුහුණ ආවරණය කරගෙන සිට තිබෙනවා.
දෙපිරිසක් අතර පවතින ආරවුලක් හේතුවෙන් මෙම වෙඩිතැබීම සිදුව ඇති බවයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.
ගව සොරකමකින් එම ආරවුල ආරම්භ වී ඇති අතර පසුව මිනිස් ඝාතනයක් වෙඩි තැබීම් දක්වා මෙලෙස දුරදිග ගොස් ඇතිබවයි පොලිසිය පවසන්නේ.
තුවාල ලැබූ පුද්ගලයාගේ බිරිදගේ ප්‍රකාශයකට අනුව වෙඩි ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා පොලිසිය විසින් හඳුනාගෙන ඇති බවද පොලීසිය පැවසුවා.