Wednesday, April 2, 2025

General line - 0115112241

කිරිපිටි සමඟ කිරි තේ මිලත් අද සිට ඉහළ යයි



කිරිපිටි මිල ඉහළ යාම හේතුවෙන් අද සිට කිරි තේ කෝප්පයක මිලද රුපියල් 10කින් ඉහළ දමන බව සමස්ත ලංකා අපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති හර්ෂ රුක්ෂාන් මහතා පැවසුවේ ගෑස් මිල වැඩි වීමත් සමඟ අනෙකුත් ආහාරවල මිල ගණන් ද ඉහළ දැමීම සම්බන්ධව ඉදිරියේදී තීරණ කරන බවයි.

අද සිට ක්‍රියාත්මක වන පරිදි කිරිපිටි මිල ගණන් සියයට 4යි දශම 7කින් ඉහළ දැමීමට කිරිපිටි ආනයනකරුවන් ඉකුත්දා තීරණය කළා.

ඒ අනුව ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 50කින් පමණ ඉහළ යනු ඇති.