අරගලය සමයේ සිදු වූ ගෙවල් ගිනි තැබීමේ සිද්ධීන්වලට අදාළව වන්දි ලබා ගැනීමේදී සිදු වූ තවත් වංචාවක් ඉදිරියේදී පාර්ලිමේන්තුවේදී හෙළි කෙරෙනු ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
සෙවනගල ප්‍රදේශයේ නිවසක් ගිනි තැබීමේ සිද්ධියකට අදාළව වෙනත් දේශපාලඥයෙකු විසින් වන්දි ලබාගෙන ඇති බවට තොරතුරු හෙළි වී ඇති බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව කියා සිටියේ බුත්තල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින්.