Wednesday, April 23, 2025

General line - 0115112241

පහරදී ළමයෙකු ඝාතනය කළ 11 දෙනෙකු අත්අඩංගුවට



වෙලගෙදර, හැවන්පොල ප්‍රදේශයේදී පහරදී පිරිමි ළමයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අවශ්‍ය කර සිටි සැකකරුවන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

මාවතගම පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් අදාළ සැකකරුවන් 11 දෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ වෙළඳගෙදර, ඇරෑපොල කන්ද ප්‍රදේශයේදීයි. 

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 15ත් 18ත් අතර වයස්වල පසුවන ඇරෑපොල කන්ද හා අඹකෝට්ටේ ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා. 

පසුගිය 16 වන දින පුද්ගලික ආරවුලක් මත පිරිමි ළමුන් කිහිපදෙනෙකු විසින් මියගිය පිරිමි ළමයාට අතින් පයින් හා හෙල්මට් එකකින් පහරදී තිබුණා. 

බරපතල තුවාල ලැබූ ඔහු කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ මියගියා. 

එලෙසය ජීවිතක්ෂයට පත් වුණේ සැකරලියා වත්ත, හැවන්පොල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 16ක පිරිමි ළමයෙක්. සිද්ධිය සම්බන්ධයෙන් මාවතගම හා වෙලගෙදර පොලිස් ස්ථාන මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.