Wednesday, April 23, 2025

General line - 0115112241

පළාත් පාලන මැතිවරණ කටයුතු ඉතා සාමකාමී - කැෆේ සංවිධානය



පළාත් පාලන මැතිවරණයේ මේ දක්වා කටයුතු ඉතා සාමකාමී බව මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් වන කැෆේ සංවිධානය පවසනවා. 

එහි නීති අංශයේ අධ්‍යක්ෂ, නීතීඥ හරේන්ද්‍ර බානගල මහතා පැවසුවේ තැපැල් ඡන්ද විමසීම ද ඉතා ඉහළ උනන්දුවකින් සාමකාමී ලෙස පවතිනු ඇතැයි විශ්වාසයක් පවතින බවයි.


පළාත් පාලන මැතිවරණය රටට කෙතරම් වැදගත් ද?


කැෆේ සංවිධානයේ නීති අංශයේ අධ්‍යක්ෂ, නීතීඥ හරේන්ද්‍ර බානගල මහතා මේ බව පැවසුවේ ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැසටහනට එක්වෙමින්.