වත්මන් ආණ්ඩුව රාජ්‍ය සේවකයින්ට ලබාදුන් පොරොන්දු ඉටුකර නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා පවසනවා.
ඔහු කියා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවශ්‍යතාව අනුව රාජ්‍ය සේවය අඩු කිරීමට ආණ්ඩුව උත්සාහ දරණ බවයි.
වත්මන් ආණ්ඩුව බලයට පත් වීමෙන් පසු කිසිදු ආයෝජකයෙකු රටට පැමිණ නොමැති බවද මන්ත්‍රීවරයා සඳහන් කළා.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා මෙම අදහස් පළ කළේ එම පක්ෂය කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.