මෙරට ලක්ෂ සංඛාත සැදැහැවතුන් පිරිසකට ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ නෙතින් දැක වැඳපුදා ගැනීමට අවස්ථාව විවර කරදුන් සිරි දළදා වන්දනාවේ අවසන් දිනය අදයි.
අද පෙරවරු 11.00 සිට පස්වරු 05.30 දක්වා කාලය තුළ දැනට පෝලිම්වල රැඳී සිටින සැදැහැවතුන්ට දළදා සමිදුන් වැඳපුදා ගැනීමේ අවස්ථාව හිමිවනවා.
මේ අතර දළදා වන්දනා සමයේ මහනුවර නගරය පිරිසිදු කිරීමට අඛණ්ඩව දායක වූ මහනුවර මහනගර සභාවේ කම්කරුවන්ට දළදා සමිදුන් වැදපුදා ගැනීමේ විශේෂ අවස්ථාවක් අද දිනයේ ලබාදී තිබෙනවා.
ඒ පිළිබඳ නවතම තොරතුරු මහනුවර නෙත් නිවුස් වාර්තාකරු කමල් සුරවීරගෙන්.