2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව එක් එක් විෂය ධාරාවන්වලින් දිවයිනේ ප්‍රථම ස්ථාන හිමිකර ගත් සිසුන්ගේ නම් අද නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරුණා.
ඒ විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සහභාගී වූ මාධ්‍ය හමුවකදීයි.
එක් එක් විෂය ධාරාවලින් දිවයිනේ ප්‍රථම ස්ථාන හිමිකර ගත් සිසු සිසුවියන් අතරින් සිව්දෙනෙක් කුරුණෑගල සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් බිහිවී තිබීම විශේෂත්වයක්.
දිවයිනේ ප්‍රථම ස්ථාන හිමිකර ගත් සිසුන් සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවේදී මෙලෙස කරුණු දැක්වූවා.
මෙවර උසස් පෙළ ප්‍රතිඵල අනුව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබා ඇති සිසුන්ගේ ප්‍රතිශතය සියයට 64යි දශම 7යි 3ක්.
එක් එක් විෂය ධාරා අනුව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලැබූ සිසුන්ගේ ප්‍රතිශතයන් ද මෙම මාධ්‍ය හමුවේදී අනාවරණ කෙරුණා.