Friday, April 26, 2024

General line - 0115112241

කාසියේ වාසිය දිනූ ශ‍්‍රී ලංකාව පළමුව පන්දුවට පහර දෙයි




සංචාරක ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර පස්වන සහ අවසන් එක්දින ක‍්‍රිකට් තරගය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණයේදී මේ වන විට පැවැත්වෙනවා.

තරගයේ කාසිය වාසිය දිනූ ශ‍්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා. ශ‍්‍රී ලංකා කණ්ඩායම අද තරගයට එක්වන්නේ පෙර තරගයට වඩා සංශෝධන 4ක්ද සහිතවයි.

ඒ අනුව ධනුෂ්ක ගුණතිලක, උපුල් තරංග, සුරංග ලක්මාල් සහ දසුන් ශානක කණ්ඩායමට කැඳවා තිබෙනවා. ඒ, ඇන්ජලෝ මැතිව්ස්, අවිෂ්ක ප‍්‍රනාන්දු , ඇන්ජලෝ පෙරේරා හා තිසර පෙරේරා වෙනුවටයි.

පළමුව පන්දුවට පහරදෙන ශ‍්‍රී ලංකා පිල මීට නොබෝ වේලාවකට පෙර පන්දුවාර 13ක් අවසානයේ ලකුණු 73ක් ලබා සිටියා.