Friday, April 26, 2024

General line - 0115112241

ක්‍රිකට් බෝ්ඩ්එක කෝටි 06 ක් උපයයි




ශී‍්‍ර ලංකා – ඕස්ටේ‍්‍රලියා ටෙස්ට්, එක්දින සහ පන්දුවාර විස්සයි විස්ස කි‍්‍රකට් තරගාවලියේ ප‍්‍රවේශපත‍්‍රවලින් රුපියල් හය කෝටියකට වැඩි ආදායමක් උපයා ඇති බව ශී‍්‍ර ලංකා ක‍්‍රිකට් ආයතනය පවසනවා.

දෙරට පැවති තරග 3 කින් සමන්විත ටෙස්ට් කි‍්‍රකට් තරගාවලියේදී පමණක් ලක්ෂ හැත්තෑවකට වැඩි ආදායමක් උපයා ඇති බවයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය පැවසුවේ. තරග 5කින් සමන්විත එක්දින කි‍්‍රකට් තරගාවලියේ ප‍්‍රවේශපත‍්‍රවලින් පමණක් රුපියල් හාරකෝටියකට වැඩි ආදායමක් උපයා තිබෙනවා.

2011 වසරේ පැවැති ශී‍්‍ර ලංකා – ඕස්ටේ‍්‍රලියා තරගාවලියේදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය උපයා ඇත්තේ තුන්කෝටි හතලිස් හයලක්ෂ දහඅටදහස් හාරසිය අනූවක් පමණයි.

මේ අතර ශී‍්‍ර ලංකාව සහ ඕස්ටේ‍්‍රලයාව අතර දෙවන සහ අවසන් පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගය කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී හෙට (09) පැවැත්වීමට නියමිතයි.