Saturday, April 27, 2024

General line - 0115112241

ජගත් විශ්ව විද්‍යාලයීය T20 තරගාවලියේ ශ්‍රී ලංකා පිළ අවසන් සටනට




ජගත් විශ්ව විද්‍යාලයීය පන්දුවාර විස්ස ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශී‍්‍ර ලංකා විශ්ව විද්‍යාල කණ්ඩායම ඊයේ (10) සමත් වුණා.

එ් අවසන් පූර්ව තරගයේදී දකුණු අපි‍්‍රකානු විශ්ව විද්‍යාල කණ්ඩායම කඩුලු 6 කින් පරාජය කරමින්. තරගය පැවැත්වුණේ ගාල්ල අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදීයි.

පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අපි‍්‍රකානු විශ්ව විද්‍යාල කි‍්‍රකට් කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 175 ක් රැස් කිරීමට සමත් වුණා. ශී‍්‍ර ලංකා විශ්ව විද්‍යාල කණ්ඩායම පන්දුවාර 19 ක් අවසානයේ කඩුලු 4 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර යමින් ජයග‍්‍රහණය වාර්තා කළා.

මනෝජ් සරත්චන්ද්‍ර පන්දු 33 කදී හයේ පහර 3 ක් සමගින් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 47ක්. ජනිත් ලියනගේ ලකුණු 43යි.

ජගත් විශ්ව විද්‍යාලයීය පන්දුවාර විස්ස ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහ තරගය බංග්ලාදේශය සහ සත්කාරක ශී‍්‍ර ලංකා විශ්ව විද්‍යාලයීය කණ්ඩායම අතර ගාල්ල අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී අද (11) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

14281319_10210633401977555_1968928401_n 14302452_10210633401657547_1097563947_n