Friday, April 26, 2024

General line - 0115112241

ශ‍්‍රී ලංකාට එරෙහි පළමු එක්දින කාන්තා ක‍්‍රිකට් තරගයේ ජය ඕස්ටේ‍්‍රලියාවට




ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායම සමග පැවති පළමු එක්දින තරගයෙන් විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ඕස්ටේ‍්‍රලියානු කාන්තා ක‍්‍රිකට් කණ්ඩායම අද (18) සමත් වුණා.

තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 24යි පන්දු 5කදී ලකුණු 76කට සියලුදෙනා දැවී ගියා.

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ මුල්පෙළ ක‍්‍රීඩිකාවන් හය දෙනාගෙන් පස්දෙනෙකුම ලකුණු නොලබා දැවී යාම විශේෂත්වයක්.

ලකුණු 77ක ඉලක්කය කඩුලු 6ක් පමණක් දැවී තිබියදී සපුරා ගැනීමට ඕස්ටේ‍්‍රලියානු කාන්තා කණ්ඩායම සමත් වුණා.