Friday, April 26, 2024

General line - 0115112241

අගමැති ක්‍රිකට් කණ්ඩායමට දුන් උපදෙස




2019 වසරේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලිය ජයග‍්‍රහණය කිරීම ශ්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ ඉලක්කය වියයුතු බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. ජය මෙන්ම පරාජයෙන්ද අවසාන වශයෙන් ඉගෙන ගතයුත්තේ ජයග‍්‍රහණය ලබාගන්නා ආකාරය බවයි අග‍්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ සාමාජිකයන් සහ යොවුන් කී‍්‍රඩකයන් පිරිසක් ඊයේ (20) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී හමුවූ අවස්ථාවේදී අග‍්‍රාමාත්‍යවරයා මේ බව කියාසිටියා. මෙහිදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩකයන් ඇමතූ අග‍්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ සියලූම කී‍්‍රඩකයන්ගේ අවසන් ඉලක්කය ජයග‍්‍රහණය වියයුතු බවයි.