Saturday, April 27, 2024

General line - 0115112241

කැනඩාවේ බෝම්බ බියකින් පළාතක් වසා දමයි




බෝම්බ බියක් හේතුවෙන් කැනඩාවේ ප්‍රින්ස් එඩ්වඩ් පළාතේ සියලු පාසල් හදිසියේ වසා දැමීමට කටයුතු කර ඇති බව රාජකීය කැනේඩියානු පොලීසිය උපුටා දක්වමින් විදෙස් වාර්තා පවසනවා.

මෙසේ සියලු පාසල් වසා දමමින් සිසුන් ආරක්ෂිත ස්ථාන කරා යොමුකර දෙමාපියන්ට බාර දී තිබෙනවා.

ප්‍රින්ස් එඩ්වඩ් යනු කැනඩාවේ කුඩාම පළාත ලෙස සැලකෙන අතර එම පළාතේ ජනගහනය 146000 ක් පමණ වනවා.

පළාතේ පාසල් වසාදමන අවස්ථාවේදී නෝවා ස්කෝටියා විශ්වවිද්‍යාලයද ආරක්ෂිත හේතූන් මත වසා දමා ඇති බවද සඳහන්.

එමෙන්ම හෝලිෆික්ස් විශ්වවිද්‍යාලය, මාර්කෝනි විශ්වවිද්‍යාලය සහ කේබ් බ්‍රෙටොන් යන විශ්වවිද්‍යාලවලද සිසුන් ඉවත්කර ඇති අතර එම විශ්වවිද්‍යාල සිසුන් ඉවත් කිරීම යම් තර්ජනයක් හේතුවෙන් සිදුකළත් එය කුමන ආකාරයක තර්ජනයක්ද යන්න අනාවරණය කර නොමැති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ඒ අනුවල සමස්තයක් ලෙස එම පළාතේ පාසල් හා විශ්වවිද්‍යාල 60ක් පමණ හදිසියේ වසා දැමීමට බලධාරීන් කටයුතු කළා.

_91329668_pei _91329725_hi035446553 _91330023_hi035445621 1_school-children-reu

Grabs taken from CBC show school children being evacuated from Spring Park School in Charlottetown , Prince Edward Island Source CBC

31560 4895 colonel-gray