Friday, April 26, 2024

General line - 0115112241

කි‍්‍රකට් කී‍්‍රඩකයන් 100 දෙනෙකුට වාර්ෂික කොන්ත‍්‍රාත්




කි‍්‍රකට් කී‍්‍රඩකයන් සියදෙනෙකු සමග වාර්ෂික කොන්ත‍්‍රාත්වලට එළැඹීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ජාතික කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා එ් කණ්ඩායම සඳහා කී‍්‍රඩකයින් 30 දෙනෙකු සමගද, නැගී එන කී‍්‍රඩකයින් ලෙස සලකා යොවුන් කි‍්‍රඩකයින් 20 දෙනෙකු සමගද කොන්ත‍්‍රාත්වලට එළැඹීමට නියමිතයි.

ප‍්‍රවීණ හා ජ්‍යෙෂ්ඨ පදනමින් කී‍්‍රඩකයින් 25 දෙනෙකු සමගද, පළාත් මට්ටමින් අන්තර් සමාජ කී‍්‍රඩාව නංවාලීම සඳහා කී‍්‍රඩකයින් 25 දෙනෙකු සමගද ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය කොන්ත‍්‍රාත්වලට එළැඹෙනු ඇති. අදාළ ගිවිසුම් අත්සන් කිරීම ලබන සතියේ සිදු කිරීමට නියමිතයි.