Friday, April 26, 2024

General line - 0115112241

වැව් බැම්මේ බොරළු කපයි




ඉපැරණි වැවක විශාල බැම්මක් ප්‍රබල ව්‍යාපාරිකයෙකු විසින් බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් බොරළු ලබාගැනීම සඳහා කැපීම් සිදු කරන බවට ජනතාව චෝදනා කරනවා.

දඹුල්ල පොලිස් බලප්‍රදේශයට අයත් තලකිරියාගම නික්ගොල්ලයාය ප්‍රදේශයේ ජනතාව පවසන්නේ අදාළ ව්‍යාපාරිකයා ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉහළ නිලධාරියකුගේ ඥාතී සම්බන්ධතාවයක් පවසමින් මෙම කටයුුතු සිදු කරන බවයි.

මෙම පුද්ගලයා දැනට මාස ගණනාවක සිට මෙලෙස බොරළු කපා ටිපර් රථවලින් රජයේ වැඩබිම්වලට විකිණීම සිදු කරන බවත් ජනතාව පෙන්වා දෙනවා.

boralu 01 boralu 02 boralu 03 boralu 04 boralu 05 boralu 07jpg boralu 08jpg