Friday, April 26, 2024

General line - 0115112241

“මැතීව්” හයිටියට කඩා පනී (VIDEO)




මෑත වසර කිහිපයක් තුළ අත්ලාන්තික් සාගරය හරහා හමා ගිය දරුණුම සුළි කුණාටුවට හයිටි රාජ්‍ය මුහුණදෙමින් සිටිනවා.

පැයට කිලෝමීටර් 200 කටත් වඩා වැඩි වේගයකින් හමා යන මෙම සුළි කුණාටුව ‘මැතීව්’ ලෙස නම් කර තිබෙන බවයි විදෙස් වාර්තා පවසන්නේ.

තද වැසි, ජල ගැලීම් සහ නායයෑම් ද සිදුව තිබෙනවා. කුඩා දරුවන් දෙදෙනෙකු සහ වයස්ගත පුද්ගලයෙකු මෙම ආපදා නිසා මියගොස් තිබෙන බවයි තහවුරු කළ වාර්තාවල දැක්වෙන්නේ.

සුළි කුණාටුව නිසා ඇති විය හැකි ආපදාවලින් ජීවිත බේරා ගැනීමට උපරිම පරිශ‍්‍රමයක් දරන ලෙස හයිටි බලධාරීන් එහි වැසියන්ට උපදෙස් ලබා දී තිබෙනවා.