Friday, April 26, 2024

General line - 0115112241

ඉන්දීය හමුදා කඳවුරකට පහරදෙන්න ආ 03ක් මරුට




කාශ්මීරයේ ඉන්දියානු හමුදා කඳවුරකට ප‍්‍රහාරයක් එල්ල කිරීමට පැමිණි ආයුධ සන්නද්ධ තිදෙනෙකු ඉන්දීය ආරක්ෂක හමුදාව විසින් ඝාතනය කර තිබෙනවා. එම ප‍්‍රහාරකයින් ඉන්දීය හමුදා ඇඳුමින් සැරසී සිටි බවයි හමුදා ප‍්‍රකාශක කර්නල් රාජේෂ් කාලියා ප‍්‍රකාශ කළේ.

කුප්වාරා දිස්ත‍්‍රික්කයේ හමුදා කඳවුර ආසන්නයේ සිදුවූ ප‍්‍රබල වෙඩි හුවමාරුවකින් පසු එම ප‍්‍රහාරකයින් ඝාතනය කළ බවද ඉන්දීය හමුදා ප‍්‍රකාශකවරයා සඳහන් කළා.

india