Friday, April 26, 2024

General line - 0115112241

කොදෙව් යෞවනයන් පළමු තරගයේ වාඩුව ගනී




ශ‍්‍රී ලංකා ඒ කණ්ඩායම හමුවේ පළමු සිව්දින තරගයේදී ලැබූ පරාජයේ අවමානය මකා දමමින් තරගාවලියේ බලාපොරොත්තු රඳවාගැනීමට සංචාරක බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ කණ්ඩායම අද සමත් වුණා. ඒ, දෙරට අතර පැවති දෙවන සිව්දින ක‍්‍රිකට් තරගය ලකුණු 333කින් ජයගනිමින්.

මෙම තරගයේ පළමු ඉනිම වෙනුවෙන් කොදෙව් කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 509ක් රැස්කළ අතර, දෙවන ඉනිම වෙනුවෙන් කඩුලු 3කට ලකුණු 216ක් රැස්කළා.

ශ‍්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම පළමු ඉනිමේදී රැස්කළේ ලකුණු 245ක් පමණයි. කොදෙව් පන්දු යවන්නන් හමුවේ ශ‍්‍රී ලංකා දෙවන ඉනිම ලකුණු 147කට සීමා වුණා.

තරගය පැවැත්වුණේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදීයි.

දෙරට අතර පැවති පළමු තරගය ශ‍්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7කින් ජයගැනීමට සමත් වුණා. ඒ අනුව තරග 3කින් සමන්විත මෙම තරගාවලිය එකට එකක් ලෙස සම මට්ටමට පැමිණ තිබෙනවා. ඒ අනුව තරග 3කින් සමන්විත මෙම තරගාවලිය එකට එකක් ලෙස සම මට්ටමට පැමිණ තිබෙනවා.