Saturday, April 27, 2024

General line - 0115112241

ශ‍්‍රී ලංකාවට තුන්වන තැන නැතිවෙයි




ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන අදියරේ තුන්වන ස්ථානය දිනා ගැනීමට තිබූ අවස්ථාව ශ‍්‍රී ලංකාවෙන් අද ගිලිහී ගියා.

ඒ, තුන්වන ස්ථානය සඳහා පැවති තරගයෙන් චීනය හමුවේ පරාජයට පත්වීම හේතුවෙන්.

අවසන් ලකුණු සටහන දැක්වුණේ 22 – 21 ක් ලෙසයි. තරගයේ වැඩි ගෞරව ශ‍්‍රී ලංකාව දිනාගෙන සිටිය ද අවසන් විනාඩි කිහිපයේ දී උත්සාහක දිනුම් 03 ක් වාර්තා කරමින් චීනය කරගය එක් ලකුණකින් ජය ගත්තා.

කොළඹ තුරග තරග පිටියේ පැවති ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන අදියර සඳහා ඩයලොග් අනුග‍්‍රහය ලබා දුන්නා.