Friday, April 26, 2024

General line - 0115112241

ඉන්දීය නවසීලන්ත තරගාවලිය කරට කර




ඉන්දීය කණ්ඩායම සමග පැවති සිව්වන එක්දින ක‍්‍රිකට් තරගය ලකුණු 19 කින් ජය ගැනීමට සංචාරක නවසීලන්ත කණ්ඩායම ඊයේ (26) සමත් වුණා.

රන්චි හි පැවති එම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 260 ක් රැස් කළා.

එම ඉලක්කය හඹාගිය ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 48 යි පන්දු 4 ක් අවසානයේ සියල්ලන් දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 241 ක් පමණයි.

ලකුණු 72 ක් රැස් කළ නවසීලන්ත ක‍්‍රීඩක මාර්ටින් ගප්ටිල් තරගයේ වීරයා ලෙස නම් කෙරුණා.

තරග පහකින් සමන්විත මෙම එක්දින ක‍්‍රිකට් තරගාවලිය මේ වනවිට පවතින්නේ දෙකට දෙකක් ලෙස සම තත්වයේයි.

නවසීලන්ත – ඉන්දියා තීරණාත්මක පස්වන එක්දින ක‍්‍රිකට් තරගය ලබන සෙනසුරාදා විශාකාපට්නම්හිදී පැවැත්වෙනවා.