Friday, April 26, 2024

General line - 0115112241

යු ආර් අ ලීඩර් 11 අදියර මහනුවරදී සාර්ථකව




නෙත් නිවුස් සංවිධාන කරන යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞර්ෂ සංවර්ධන වැඩසටහනේ 11 වැන්න මහනුවර අම්පිටිය ඛෙරවඩ්ස් විද්‍යාලයේදී දැන් පැවැත්වෙනවා.

මුලින්ම පැවැත්වුණේ 9,10,11,12 සහ13 යන ශ්‍රේණිවල දරු දැරියන් සදහා දේශනයයි.

නිවැරදි ඉලක්ක තෝරා ගැනීමට සහ ඒවා ජය ගැනීමට දරු දැරියන්ට මග පෙන්වීමයි එහිදී සිදු කෙරුණේ.

You re a Leader අත් පොත එලිදැක්වීමද මෙම අවස්ථාවේදී සිදු කෙරුණා.

මේ අතර නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞර්ෂ සංවර්ධන වැඩසටහනේ වර්ෂ පූර්ණ සැමරුම ලබන 31 වෙනිදාට යෙදී තිඛෙනවා.

ඒ වෙනුවෙන් සංවිධාන කෙරුණු විශේෂ වැඩසටහන් මාලාව ආරම්භ වන්නේ ලබන 30 වෙනිදායි. ඒ, මහනුවර ඓතිහාසික යටිහලගල රජමහා විහාරස්ථානයේදී පැවැත්වෙන අසිරිමත් මහ බෝ වන්දනාවෙන්.

යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞර්ෂ සංවර්ධන වැඩසටහන මේ වන විට පාසල් 10ක පවත්වා ඇති අතර ඉන් පුහුණුව ලැබූ සිසු පිරිස දහසකට අධිකයි.

14713619_1778170035732924_5281379055191245261_n

14590276_1778170025732925_2611842140264555640_n

14632862_1778169399066321_7085985549410037028_n

14666252_1778169405732987_1742889776523974689_n