Saturday, April 27, 2024

General line - 0115112241

සිම්බාබ්වේ පළමු ඉනිම 373 කට සීමා වෙයි (UPDATE)




සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ පළමු ඉනිම ක‍්‍රීඩා කළ සිම්බාබ්වේ කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සියල්ලන් දැවී ලකුණු 373 ක් රැස්කළා.


සිම්බාබ්වේ 320 යි

(Oct 31, 2016 @ 18:30)

සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ පළමු ඉනිම ක‍්‍රීඩා කරන සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 320 ක් රැස්කරගෙන සිටිනවා.

සුරංග ලක්මාල්, රංගන හේරත් සහ දිල්රුවන් පෙරේරා කඩුලු 2 බැගින් දවාගත්තා.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට රැස්කළ ලකුණු සංඛ්‍යාව 537 ක්.

ඒ අනුව මේ වන විට සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 3ක් අතැතිව ශ‍්‍රී ලංකා කණ්ඩායමට වඩා තවත් ලකුණු 217 ක් පිටුපසින් සිටිනවා.