Friday, April 26, 2024

General line - 0115112241

රංගනගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාවට ජයක්




සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැති පළමු ටෙස්ට් තරගය ලකුණු 225 කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණු 537 ක් රැස් කළ අතර ඊට පිළිතුරු වශයෙන් සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 373 ක් රැස් කළා.

ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන ඉනිමට ලකුණු 247 ක් රැස් කර සිටියදී සිය ඉනිම අත්හිටුවනු ලැබුවා.

ඒ අනුව සිම්බාබ්වේ කණ්ඩායමට ජයග්‍රහණය සඳහා හිමි වූ ඉලක්කය ලකුණු 412 ක් වුණා.

එහෙත් සිම්බාබ්වේ කණ්ඩායමට දෙවන ඉනිමේදී සියල්ලන් දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 186 ක් පමණයි. තරග දෙකකින් සමන්විත මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව එකට බින්දුවක් ලෙස පෙරමුණ ගෙන සිටිනවා.