Saturday, April 27, 2024

General line - 0115112241

පළමුවරට උපුල් තරංගගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාව අද පිටියට




ශ‍්‍රී ලංකාව, සිම්බාබ්වේ සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පැවැත්වෙන තුන්කොන් ක‍්‍රිකට් තරගාවලිය අද (14) ආරම්භ වනවා. ඒ, සිම්බාබ්වේ හරාරේ ක‍්‍රීඩාංගණයේදීයි.

පළමු තරගය පැවැත්වෙන්නේ සිම්බාබ්වේ සහ ශ‍්‍රී ලංකා කණ්ඩායම අතරයි. ශ‍්‍රී ලංකා වේලාවෙන් තවත් පැය 03.30 කින් පමණ පසු එය ආරම්භ වනු ඇති.

තරගාවලියේ දී ශ‍්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ උපුල් තරංගයි. එක්දින තරග 188 කට සහභාගී වී ඇති ඔහු කුමන හෝ ජාත්‍යන්තර තරගයක් සඳහා ශ‍්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබාදෙන පළමු අවස්ථාව ද මෙයයි.

ඉකුත් ජනවාරී මාසයෙන් පසු යළි එක්දින කණ්ඩායමට කැඳ වූ නුවන් කුලසේකර ද බොහෝ දුරට අද තරගයට ක‍්‍රීඩා කරනු ඇති බවටයි පැවසෙන්නේ.