Friday, April 26, 2024

General line - 0115112241

එපා එපා මම මරාගෙන මැරෙන්නේ නැහැ – IS ත්‍ර‍ස්තවාදීන්ටත් මරණබිය දැනෙන්නේ මෙහෙමයි



අයි එස් අයි එස් ත්‍ර‍ස්තවාදීන් කුලුගෙඩි පහරින් කඩා බිඳ දැමුණු ඉරාකයේ නිම්රුඩ් ඓතිහාසික නගරය යළි අත්පත් කරගැනීමට එරට රජයේ හමුදා සමත් විය.

මෙම මෙහෙයුම අතරතුරදී අයි එස් ත්‍ර‍ස්තවාදියෙකු එරට හමුදා වෙත යටත් වන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙහිදී අයි එස් ත්‍ර‍ස්තවාදීන් සැඟවී සිටින බවට සැකකරන ගොඩනැගිල්ලක් එරට හමුදා විසින් වටකරන අතර ‘‘එළියට වරෙං අපි උඹව මරන්නේ නෑ‘‘ යනුවෙන් පවසනවා.

අනතුරුව හමුදාව වෙත යටත් වී ඇති ත්‍ර‍ස්තවාදීන්ගේ නම් කිහිපයක් කියූ විට ගොඩනැගිල්ලේ සැඟව සිටි ත්‍ර‍්තවාදියෙකු එළියට පැමිණෙනවා.

‘‘එලියට වරෙං උඹේ යාලුවෝ ඉන්නේ අපි එක්ක උන් යටත් වුණා‘‘

අනතුරුව මෙම ත්‍ර‍ස්තවාදියා සැඟව සිටි තැනින් එළියට පැමිණෙන අතර ‘‘බය වෙන්න එපා මම මරාගෙන මැරෙන්නනේ නැහැ‘‘ යැයි හමුදාව වෙත පවසනවා.

‘තව පස්දෙනෙකු සිටිනවා..ඔවුන්ට තවමත් යටත් වෙන්න ඕන නෑ‘‘

කෙසේ වෙතත් මීට වසර දෙකකට පෙර නිම්රුඩ් ඓතිහාසික නගරය පෞරාණික ගොඩනැගිලි හා ස්මාරක රැසක් අයි එස් ත්‍ර‍ස්තවාදීන් විනාශ කළා.

මෙම පෞරාණික විහාර හා ස්මාරක තම ලබ්ධියෙන් පිට අන්ධ විශ්වාසයන් ලෙස සැලකෙන අතර, ඒවා විනාශ කිරීමට ඔවුන් බැඳී සිටින බවද කියැවෙයි.

3a572c2300000578-3931848-image-a-239_1479057744515

3a572c2900000578-3931848-image-a-240_1479057959489

3a572e2b00000578-3931848-image-m-238_1479057002631

3a55541000000578-3931848-image-a-173_1479055666106

277c248600000578-3035534-image-a-23_1428837888233

001_nimrud_nic6440069-adapt-1190-1