Friday, April 26, 2024

General line - 0115112241

ඉරණම විසඳෙන ශ‍්‍රී ලංකා – සිම්බාබ්වේ තරගය අද




තුන්කොන් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ශ‍්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර දෙවැනි තරගය අද (21) පැවැත්වෙනවා. ඒ, සිම්බාබ්වේහි බුලවායෝ ක‍්‍රීඩාංගණයේදීයි.

දෙරට අතර මීට පෙර පැවති තරගයේ දී ශ‍්‍රී ලංකා කණ්ඩායම ජයගත්තේ ප‍්‍රසාද ලකුණක් ද සමගින්. කෙසේ වෙතත් බටහිර ඉන්දීය කොදෙව්වන් සමග පැවති තරගයෙන් ශ‍්‍රී ලංකාව පරාජයට පත්වුණා.

සිම්බාබ්වේ කණ්ඩායම හා කොදෙව් කණ්ඩායම අතර පැවති තරගය නිමාවට පත්වූයේ ජය පරාජයෙන් තොරවයි. ඒ අනුව තරගාවලියේ ඉදිරිය පිළිබඳ තවදුරටත් බලාපොරොත්තු තබා ගැනීමට නම් අද තරගය ජය ගැනීම සිම්බාබ්වේ කණ්ඩායමට අනිවාර්ය වනවා.

ප‍්‍රසාද ලකුණු සටහනට අනුව ලකුණු හතක් සහිතව පෙරමුණේ පසුවන්නේ කොදෙව් කණ්ඩායමයි. ශ‍්‍රී ලංකාව ප‍්‍රසාද ලකුණු 5 ක් ලබා සිටිනවා. සිම්බාබ්වේ කණ්ඩායමට හිමි ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 02 ක්.

සිම්බාබ්වේ – ශ‍්‍රී ලංකා තරගය මෙරට වේලාවෙන් තවත් පැය හයකින් පමණ ආරම්භ වනු ඇති.