Friday, April 26, 2024

General line - 0115112241

ඉන්දියානු පිලට ලකුණු 99ක ජයක්




පන්දුවාර විස්සයි විස්ස ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අද පැවති තරගයකින් ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම ජයග්‍රහණය කළා.

ඒ, නේපාල කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලකුණු 99 කින් පරාජය කරමින්.

පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය ක්‍රීඩිකාවන් නියමිත පන්දුවාර 20 දී කඩුලූ පහක් දැවී ලකුණු 120 ක් ලබා ගත්තා.

ඊට පිළිතුරු වශයෙන් නේපාල ක්‍රීඩිකාවන් සියලූ දෙනා දැවී රැස් කරගත්තේ ලකුණු 21 ක් පමණයි.

තායිලන්තයේ බැංකොක් නුවර දී මෙම තරගය පැවැත්වුණා.